Thursday, January 28, 2016

ඉඟුරු පියලි

විද්‍යාත්මක නාමය:Kaempferia galanga
ගෘහාශ්‍රිතව වගා කෙරෙන පළෑටියකි. ශාකයේ මල් දැකගත හැක්කේ දුර්ලභ වශයෙනි.
ඖෂධීය වටිනාකමක් දක්වයි.

වල් කෝපි

විද්‍යාත්මක නාමය: Psilanthus wightianus
වියළි කලාපයේ ගල් ආශ්‍රිත ප්‍රදේශ වල සහ තෘණ භූමි වල දැකිය හැකිය.
පඳුරු වශයෙන් වැඩෙයි.

හීන් තත්කඩ

විද්‍යාත්මක නාමය: Scaevola plumieri
වියළි කලාපයේ වැළි කඳු අසල සහ වෙරළ ආශ්‍රිතව දක්නට ලැබේ.
පඳුරු වශයෙන් වඩෙන පැළෑටියකි.

සුදු මිහිරිය

විද්‍යාත්මක නාමය: Gordonia ceylanica
ශ්‍රී ලංකාවට ආවේණික මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි.
කඳුකර වනාන්තර ආශ්‍රිතව දැකිය හැක.

මුරුත

විද්‍යාත්මක නාමය:Lagerstroemia speciosa
තෙත් කලාපයේ දිය පහරවල් ආශ්‍රිතව දක්නට ලැබෙන ශාකයකි.
අතු පැතිරී විශාලව වැඩේ. මංමාවත් ආශ්‍රිතව සෙවණ ලබා ගැනීමට සි‍ටුවිය හැක.
ඖෂධීය වටිනාකමක් දක්වේ.  


අරන්කහ

විද්‍යාත්මක නාමය: Carcuma zedoaria
ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් ශාකයකි. තෙත් කලාපය ආශ්‍රිතව දක්නට ලැබේ. පළෑටි විශේෂයකි.
ඖෂධ හා සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා යොදා ගනී.

Tuesday, January 26, 2016

බිම් කොහොඹ

විද්‍යාත්මක නාමය:Munronia pinnata
වියළි කලාපයේ වනාන්තර ආශ්‍රිතව බිම් ස්ථරයේ දක්නට ලැබේ. පැළෑටි විශේෂයකි.
 ඖෂධ වශයෙන් වටිනාකමක් දැක්වේ.

කඩුපුල්

විද්‍යාත්මක නාමය:Epiphyllum oxypetalum
අලංකාරය සඳහා ගෘහාශ්‍රිතව වගා කෙරෙන ශාකයකි. මල් පිපේ. අපි ශාකයකි.